රුහුණු සරසවියේ සිසුන්ගේ සාගර විද්‍යා පර්යේෂණයට නාවික හමුදා සහය

රුහුණු සරසවියේ සිසුන් පිරිසක් නාවික හමුදාව සමග සාගර විද්‍යා පර්යේෂණ වැඩසටහනක් අද (2020 ජනවාරි මස 26) රූමස්සල මුහුදු තීරයේදී පවත්වන ලදි.

රුහුණු විශ්ව විද්‍යාලයේ සාගර විද්‍යා හා භූ විද්‍යා පර්යේෂණ අංශයේ දෙවන වසරේ උපාධි අපේක්ෂක සිසුන් දාහත් දෙනෙකු (17) සහ කාර්ය මණ්ඩලයේ දසදෙනෙකු (10) මෙම වැඩසටහන සදහා සහභාගි වු අතර පරීක්ෂණාගාර විශ්ලේෂණ සදහා රූමස්සල මුහුදු තීරයේ සාගර ජල සාම්පල් කිහිපයක් ලබා ගැනීමට පැමිණි අතර, සාගර විද්‍යා හා සාගර භූ විද්‍යා අධ්‍යනාංශයේ සිසුන් හට ප්‍රායෝගික දැනුම ලබාගැනීම මෙහි ප්‍රධාන අරමුණ විය.

තවද, දකුණු නාවික ප්‍රදේශ භාර ආඥාපතිගේ උපදෙස් පරිදි නාවික හමුදා යාත්‍රාවක් සහ නාවිකයින් පිරිසක් මෙම කටයුත්ත සඳහා අවශ්‍ය සහය ලබා දීමට සහභාගි කරවන ලදි. එම යාත්‍රාව හා නාවිකයන්ගේ සහයෝගයෙන් මෙම පර්යේෂණය සාර්ථකව පැවැත් වු අතර, එයට සහභාගීවු රුහුණු සරසවියේ සිසුන් පිරිස නාවික හමුදාව වෙත සිය ප්‍රශංසාව පුද කරන සිටින ලදි.