පකිස්තානු නාවික හමුදාධිපති නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි.

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීම සඳහා පැමිණ සිටින පකිස්තානු නාවික හමුදාධිපති, අද්මිරාල් සෆර් මහමුද් අද (2020 ජනවාරි 27) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමුවිය.

නාවික සම්ප්‍රධායානුකූලව නාවික හමුදා මූලස්ථානයේදී පකිස්තානු නාවික හමුදාධිපතිවරයා පිළිගැනීමෙන් අනතුරුව ‍දෙරටේ නාවික හමුදාධිපති වරුන් විසින් සුහඳ පිළිසඳරක නිරත විය. එහිදී, ඔවුන් ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ජා කල අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් නාවික හමුදාධිපතිතුමන් විසින් පකිස්තානු නාවික හමුදාධිපති වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලදි.