කොටන තුවක්කුවක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

නාවික හමුදාව විසින් 2020 ජනවාරි 26 වන දින තුනුක්කායි, ඉලුප්පකඩවායි ප්‍රදේශයේ සිදු කළ ‍සෝදිසි කිරීමකදී බෙහෙත් කොටන තුවක්කුවක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

2020 ජනවාරි මස 26 වන දින නාවික හමුදාව විසින් තුනුක්කායි, ඉලුප්පකඩවායි ප්‍රදේශයේ සිදු කළ ‍සෝදිසි කිරීමකදී සැක කටයුතු පුද්ගලයෙකු නිරික්‍ෂණය කර ඇති අතර, එම පුද්ගලයා පරික්‍ෂාවට ලක් කිරීමේදී ඔහු සතුව තිබි බලපත්‍ර නොමැති කොටන තුවක්කුවක් (01) , වේඩි බෙහෙත් ග්‍රෑම් 15 ක පමණ ප්‍රමාණයක් සහ කින්ස්සක් (01) සොයා ගෙන ඇත. ඒ අනුව අදාල සැකකරු සමග කොටන තුවක්කුව , වේඩි බෙහෙත් ග්‍රෑම් 15 ක පමණ ප්‍රමාණය නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත.

මෙම සැකකරු වයස අවුරුදු 27 ක් වන එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇති අතර, අදාල සැකකරු සමග කොටන තුවක්කුව , වේඩි බෙහෙත් ග්‍රෑම් 15 ක පමණ ප්‍රමාණය සහ කින්ස්ස (01) ඉදිරි විමර්ශන කටයුතු සඳහා ඉලුප්පකඩවායි පොලිසිය වෙත භාර දෙන ලදී.