කේරළ ගංජා ලඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහය

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජනවාරි 27 වන දින පන්නල , බම්මන්න ප්‍රදේශ‍යේ සිදු කළ සෝදිසි කිරිමකදී කේරළ ගංජා කිලෝ 2 ග්‍රෑම් 300ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදි.

ඒ අනුව, මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් නීතියේ රැහැනට කොටු කර ගැනීම සදහා නිරන්තර මෙහෙයුම් දියත් කරනු ලබන නාවික හමුදාව විසින් 2020 ජනවාරි මස 27 වන දින ජයවර්ධනපුර පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව පන්නල, බම්මන්න ප්‍රදේශයේ දී සිදු කල සෝදිසි මෙහෙයුමකදී සැකකටයුතු පුද්ගලයෙකු නිරීක්‍ෂණය කර සිදු කළ වැඩිදුර පරීක්‍ෂා කිරීමේදී ඔහු සතුව තිබී කේරළ ගංජා කිලෝ 2 ග්‍රෑම් 300ක පමණ ප්‍රමාණයක් සොයාගෙන ඇත. පසුව එම පුද්ගලයා සහ කේරළ ගංජා ප්‍රමාණය අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරු වයස අවුරුදු 34 ක් වන නාරම්මල ප්‍රදේශයේ පදිංචි කරුවෙකු බවට හදුනාගෙන ඇත.

ඒ අනුව, අත්අඩංගුවට ගන්නා ලද කේරළ ගංජා ප්‍රමාණය සහ සැකකරු ඉදිරි නීතිමය කටයුතු සඳහා පන්නල, පොලිසිය වෙත භාරදීමට කටයුතු කරන ලදී.