වල්ලපට්ටා කිලෝග්‍රෑම් 72 ක් සමග පුද්ගලයින් දෙදෙනෙක් (02) අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය සමග එක්ව 2020 ජනවාරි 27 වන දින පල්ලමාඩු, සන්නාර් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරිමකදී වල්ලපට්ටා කිලෝග්‍රෑම් 72 ක පමණ ප්‍රමාණයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙක් (02) අත්අඩංගුවට ගන්නා ලදි.

නීති විරෝධි ක්‍රියාකාරකම් මැඩපැවැතවීම සදහා නිරන්තර මෙහෙයුම් දියත් කරනු ලබන නාවික හමුදාව විසින් 2020 ජනවාරි මස 27 වන දින මන්නාරම, පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය සමග එක්ව පල්ලමාඩු, සන්නාර් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී සැකකටයුතු නිවසක් නිරීක්‍ෂණය කර සිදු කළ වැඩිදුර පරීක්‍ෂා කිරීමේදී එම නිවස තුළ අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ වල්ලපට්ටා කිලෝග්‍රෑම් 72 ක පමණ ප්‍රමාණයක් සොයාගෙන ඇත. එහිදී නිවසේ සිටි සැකකරුවන් දෙදෙනෙක්ද (02) අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ අතර, එම සැකකරුවන් වයස අවුරුදු 22 සහ 63 වන වියෙහි පසුවන සන්නාර් සහ පුත්තලම යන ප්‍රදේශවල පදිංචි කරුවන් බවට හදුනාගෙන ඇත.

ඒ අනුව, අත්අඩංගුවට ගන්නා ලද වල්ලපට්ටා කිලෝග්‍රෑම් 72 ක පමණ ප්‍රමාණය සහ සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා අඩම්පන්, පොලිසිය වෙත භාරදීමට කටයුතු කරන ලදී.