දැලක පැටලී සිටි වඳවීයාමේ තර්ජනයට ලක්ව සිටින ‘ඔලිව් රිඩ්ලි’ වර්ගයේ කැස්බෑවකු නාවික හමුදාව බේරාගනී.

නාවික හමුදාව විසින් 2020 ජනවාරි 28 කෝවිලන් ප්‍රදීපාගාරයට බටහිර දෙසින් වූ මුහුදේ ධීවර දැලක පැටලී සිටි ‘ඔලිව් රිඩ්ලි’ වර්ගයේ කැස්බෑවකු බේරා ගැනීමට සමත් වී ඇත.

2020 ජනවාරි 28 කෝවිලන් ප්‍රදීපාගාරයට බටහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී ධීවරයින් විසින් එලන ලද දැලක පැටලී සිටි වඳවීයාමේ තර්ජනයට ලක්ව සිටින ‘ඔලිව් රිඩ්ලි’ වර්ගයේ කැස්බෑවකු උතුරු නාවික විධානයේ මුර සංචාරයේ නියුතු යාත්‍රාවක් මගින් නිරීක්‍ෂණය කර ඇත. ඒ අනුව දැලේ පැටලී සිටි මෙම කැස්බෑවා යාත්‍රාව වෙත රැගෙන පැටලී තිබූ දැල ඉවත්කිරීමෙන් පසු නිරුපද්‍රිතව යලි සාගරයට මුදා හැරීමට කටයුතු කර ඇත.

වඳ වී යන සතුන් කොට්ඨාශයක් වශයෙන් හඳුනාගෙන ඇති මෙම කැස්බෑවන් ආරක්‍ෂා කිරීම සහ සංරක්‍ෂණය කිරීම සදහා නාවික හමුදාව නිරන්තරයෙන් කටයුතු කරමින් සිටී.