සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2020 ජනවාරි 29 වන දින ත්‍රිකුණාමලය, එරක්කණ්ඩි වෙරළ තීරයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී ගලක් අසල සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට හැකිවී ඇත.

සාගර පරිසර පද්ධතිය ආරක්‍ෂා කිරීම වෙනුවෙන් නිරන්තර අවධානයෙන් කටයුතු කරන ශ්‍රී ලංකා නාවික හමුදාව 2020 ජනවාරි මස 29 වන දින ත්‍රිකුණාමලය, එරක්කණ්ඩි වෙරළ තීරයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට සමත් වී ඇත. එලෙස සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය අතර තිබී වෝටර්ජෙල් කූරු 20 ක්, ආරක්‍ෂිත වෙඩි නූල් 04 ක් සහ විදුලි නොවන ඩෙටනේටර් 02 ක් සොයා ගෙන ඇත.

ඒ අනුව, මෙලෙස සොයා ගන්නා ලද පුපුරණ ද්‍රව්‍ය තොගය ඉදිරි විමර්ශණ කටයුතු සඳහා නාවික හමුදාව භාරයේ තබා ගැනීමට කටයුතු කරන ලදි.