මුහුදේදී අනතුරට පත් ධීවරයෙකු (01) ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදා සහය.

නාවික හමුදාව විසින් 2020 ජනවාරි 31 බහුදින ධීවර යාත්‍රාවක අනතුරකට පත්ව සිටි ධීවරයෙකු (01) නිරුපද්‍රිතව ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කරන ලදි.

2020 ජනවාරි 26 වන දින බේරුවල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ ‘රේන්බෝ’ නමැති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු මෙසේ අනතුරට පත්ව ඇති බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව කල දැනුම්දීමකට අනුව නාවික හමුදා මුලස්ථානයේ උපදෙස් මත නැගෙනහිර නාවික විධානයට අයත් යාත්‍රාවක් එම ධීවරයා මුදවා ගැනීමේ මෙහෙයුම සඳහා යෙදවීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, ෆවුල් පොයින්ට් ප්‍රදීපාගාරයට උතුරු දෙසින් නාවික සැතපුම් 40 ක් දුරින් වූ මුහුදු ප්‍රදේශයේදී අනතුරට පත්ව සිටි මෙම ධීවරයා ‍සිටි යාත්‍රාව සොයා ගැනීමට හැකි වී ඇති අතර, මූලික ප්‍රථිකාර ලබා දීමෙන් පසු රෝගියා නිරුපද්‍රිතව ගොඩබිම වෙත රැගෙනවිත් නාවික හමුදා ගිලන් රථයක් මගින් ත්‍රිකුණාමලය මහ රෝහල වෙත රැගෙන යාමට කටයුතු කරන ලදි. තවද නාවික හමුදාව විසින් මෙලෙස ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ ආපදාවට පත්වන ධීවර හා නාවික ප්‍රජාව වෙත අවශ්‍ය සහන සැලසීමට නිරන්තරයෙන් කටයුතු කරනු ලබයි.