මන්නාරම ප්‍රදේශයේ කැළෑවක් තුල සඟවා තිබූ මසුන් ඇල්ලීමට යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව අද (2020 පෙබරවාරි 01) මන්නාරම ප්‍රදේශයේ සිදු කල හදිසි සෝදිසි මෙහෙයුමකදී සවුත්බාර් ප්‍රදේශයේ කැලෑවක සඟවා තිබූ නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගන්නා ලදි.

පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලීම තුලින් ශ්‍රී ලංකාව වටා ඇති සාගර කලාපයේ මත්ස්‍ය සම්පත මෙන්ම සුන්දර කොරල්පර පද්ධතිය ඇතුළු සාගර සම්පත දැඩි ලෙස විනාශවීමේ තර්ජනයට ලක් වන අතර, එය මැඩපැවැත්වීම වෙනුවෙන් නාවික හමුදාව අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත. ඒ අනුව, නාවික හමුදාව මන්නාරම, සවුත්බාර් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී කැළෑවක් තුල සගවා තිබූ ජෙලට්නයිට් කූරු 07ක්, විදුලි නොවන ඩෙටනේටර් 04ක් සහ සේවා නූල් 12ක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස සොයා ගන්නා ලද පුපුරණ ද්‍රව්‍ය ඉදිරි විමර්ශන කටයුතු සඳහා මන්නාරම පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදි.