නාවික හමුදා දායකත්වයෙන් වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ වැඩසටහන් රැසක්.

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන වෙරළ පිරිසිඳු කිරීමේ වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහන් කිහිපයක් හම්බන්තොට, පානම, බත්තලන්ගුන්ඩුව සහ ත්‍රිකුණාමලය යන වෙරළ තීරයන් කේන්ද්‍ර කරගනිමින් 2020 ජනවාරි 31 වන දින ක්‍රියාත්මක කරන ලදි.

ඒ අනුව නැගෙනහිර නාවික විධානය මගින් ක්‍රියාත්මක කරන ලද වෙරළ පිරිසිඳු කිරීමේ වැඩසටහන මගින්, ත්‍රිකුණාමලය නාවික කඳවුර ඇතුලත වෙරළ තීරයත්, දකුණු නාවික විධානය මගින් හම්බන්තොට ප්‍රදේශයේ වෙරළ තීරයත්, ගි ණිකොණ නාවික විධානය මගින් ක්‍රියාත්මක කරන ලද වෙරළ පිරිසිඳු කිරීමේ වැඩසටහන පානම වෙරළ තීරයත් සහ වයඹ නාවික විධානය මගින් ක්‍රියාත්මක කරන ලද වෙරළ පිරිසිඳු කිරීමේ වැඩසටහන බත්තලන්ගුන්ඩුව වෙරළ තීරයත් පිරිසිදු කිරීමේ කටයුතු නාවික හමුදාව විසින් සිදු කරන ලදි. මෙහිදී මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් දැඩි ලෙස දූෂණයට ලක්ව තිබූ වෙරළ තීරයන් නාවික පුද්ගලයින්ගේ දැඩි කැපවීම මත අපද්‍රව්‍ය වලින් තොර වෙරළ තීරයන් බවට පත් කිරීමට හැකියාව ලැබී ඇත..

තවද, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් මත සියළු නාවික විධානයන් කේන්ද්‍ර කරගනිමින් අඛණ්ඩව සිදුකරන මෙවැනි වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් මගින් දිවයින වටා වූ වෙරළ තීරය අලංකාරවත් සුන්දර වෙරළ තීරයන් බවට පත් කිරීමේ මෙහෙයුමට නාවික හමුදාව දායකත්වය ලබාදී ඇත.


නැගෙනහිර නාවික විධාන‍යේ වෙරළ පිරිසිඳු කිරීමේ වැඩසටහන


දකුණු නාවික විධානයේ වෙරළ පිරිසිඳු කිරීමේ වැඩසටහන


ගිණිකොන නාවික විධානයේ වෙරළ පිරිසිඳු කිරීමේ වැඩසටහන


වයඹ නාවික විධානයේ වෙරළ පිරිසිඳු කිරීමේ වැඩසටහන