දකුණු පළාත් සෞඛ්‍ය අධ්‍යක්‍ෂක ඇතුළු වෛද්‍ය නිලධාරීන් පිරිසක් දකුණු නාවික විධාන රෝහලෙහි චාරිකා වාරයක නිරත වෙයි

දකුණු පළාත් සෞඛ්‍ය අධ්‍යක්‍ෂක ඇතුළු වෛද්‍ය නිලධාරීන් පිරිසක් 2020 ජනවාරි මස 31 වන දින බූස්ස නාවික හමුදා කඳවුරෙහි ස්ථාපිත කර ඇති දකුණු නාවික විධාන රෝහලෙහි චාරිකා වාරයක නිරත වන ලදී.

ඒ අනුව, මෙම චාරිකාවාරය සඳහා ප්‍රදේශීය සෞඛ්‍ය සේවා දන්ත වෛද්‍ය නිලධාරීන්, කරාපිටිය ශික්‍ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍ය නිලධාරීන් සහ හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලෙහි ශල්‍ය වෛද්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූ අතර, ඔවුන් විසින් රෝහල් කාර්යමණ්ඩලය සමග දෛනික රාජකාරීන් පිළිබඳව විමසීමක් කර ඒ පිළිබඳව අධ්‍යනයකද නිරත විය.

තවද, මෙහිදී රෝහල් කාර්ය මණ්ඩලය සමග සමූහ ඡායාරූපයකටද පෙනී සිටි අතර, දකුණු නාවික විධාන රෝහලෙහි වෛද්‍ය සායන පැවැත්වීම සඳහා සහයෝගය ලබා දීමටද ඔවුන් මෙහිදී එකගතාවය පල කර සිටින ලදි.