යාපනය මුහුදේ සිදු කල මෙහෙයුමකින් කේරළ ගංජා කි‍ලෝග්‍රෑම් 10 කට ආසන්න ප්‍රමාණයක් නාවික හමුදාව විසින් සොයා ගනී.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 පෙබරවාරි 04 වන දින දින යාපනය, මාදගල් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 10 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගෙන ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දිවයින වටා ඇති සාගර කළාපයේ සිදු කරනු ලබන නිරත්නර සෝදිසිකිරීම් අතරතුර අද 2020 පෙබරවාරි 04 යාපනය, මාදගල් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයකදී මුහුදේ පාවෙමින් තිබූ පාර්සල් කිහිපයක් නිරීක්‍ෂණය කර එය වැඩි දුර පරීක්‍ෂා කිරීමේදී එහි තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 10 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනීමට සමත් වී ඇත.

ජාවාරම්කරුවන් විසින් මුහුදු මාර්ගයෙන් මත්ද්‍රව්‍ය මෙරටට ගෙන ඒම සදහා සිදුකරන සැළසුම් ව්‍යාර්ථ කිරීම සඳහා නාවික හමුදාව අඛණ්ඩව මෙහෙයුම් සිදු කිරීම හේතුවෙන් මෙම කේරළ ගංජා තොගය ජාවාරම් කරුවන් විසින් මුහුදේ අතැර දමා යන්නට ඇතැයි සැක කරනු ලබන අතර, නාවික හමුදා භාරයට ගන්නා ලද කේරළ ගංජා ප්‍රමාණය වැඩිදුර විමර්ෂණ කටයුතු සඳහා යාපනය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට කටයුතු කරන ලදි.