වැදගත් සිදුවීම්

නීති විරෝධී ලෙස ලඟ තබා ගත් මුහුදු කූඩැල්ලන් තොගයක් සොයා ගැනීමට නාවික හමුදාව සමත්වේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව අද (2020 පෙබරවාරි 05) මන්නාරම, සවුත්බාර් ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී ජීවී මුහුදු කූඩැල්ලන් තුන්සිය පනහක් (350) සමඟ පුද්ගලන් දෙදෙනෙක් (02) ක් නාවික හමුදා බාරයට ගන්නා ලදි.

05 Feb 2020

යාපනය මුහුදේ සිදු කල මෙහෙයුමකින් කේරළ ගංජා කි‍ලෝග්‍රෑම් 10 කට ආසන්න ප්‍රමාණයක් නාවික හමුදාව විසින් සොයා ගනී.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 පෙබරවාරි 04 වන දින දින යාපනය, මාදගල් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 10 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගෙන ඇත.

05 Feb 2020

රුසියානු සමූහාණ්ඩුවේ යුද්ධ හමුදා සේනාවිධායක ජෙනරාල් ඔලෙග් සැලියුකෝව් (Oleg Salyukov) සහ නාවික හමුදාධිපතිතුමන් අතර හමුවක් නාවික හමුදා මූලස්ථානයේදී.

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන රුසියානු සමූහාණ්ඩුවේ ‍ යුද්ධ හමුදා සේනාවිධායක ජෙනරාල් ඔලෙග් සැලියුකෝව් (Oleg Salyukov) අද (2020 පෙබරවාරි 05) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමුවිය.

05 Feb 2020

මෙම වසරේ ගතවූ දින 35ක කාලය තුල ටොන් එකකට ආසන්න කේරළ ගංජා තොගයක් නාවික හමුදා මෙහෙයුම් මගින් අත්අඩංගුවට.

කන්කසන්තුරය මුහුදු ප්‍රදේශයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කළ මෙහෙයුම් මගින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 157 ක ප්‍රමාණයක් 2020 පෙබරවාරි 04 වන දින සොයා ගන්නා ලදි.

05 Feb 2020