කේරළ ගංජා කිලෝ 4කට ආසන්න ප්‍රමාණයක් නාවික හමුදා බාරයට.

නාවික හමුදාව අද (2020 පෙබරවාරි 05) යාපනය, කුසුමන්තුරෙයි ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 4 කට ආසන්න ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට සමත්විය.

මත් ද්‍රව්‍ය ‍උවදුර මර්ධනය කර ගැනීම සඳහා නිරන්තර සෝදිසි මෙහෙයුම් දියත් කරනු ලබන නාවික හමුදාව අද (2020 පෙබරවාරි 05) යාපනය, කුසුමන්තුරෙයි ප්‍රදේශයේ සිදුකල තවත් එක් මෙහෙයුමකදී කැලෑබද ප්‍රදේශයක සගවා තිබූ සැක සහිත පාර්සලයක් නිරීක්‍ෂණය කර එය වැඩිදුර පරීක්‍ෂා කර බැලීමේදී එහි තිබී කේරළ ගංජා කිලෝ 4 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනීමට සමත්වී ඇත. ඒ අනුව එම කේරළ ගංජා ප්‍රමාණය නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

තවද, නාවික හමුදා භාරයට ගන්නා ලද කේරළ ගංජා තොගය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා යාපනය විශේෂ කාර්ය බලකාය වෙත භාරදීමට කටයුතු කරන ලදි..