තූල් හෙවත් දුම් කුඩු නැමති නීති විරෝධී මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරනු ලබන ස්ථානයක් වැටලීමට නාවික හමුදා සහාය.

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ මීගමුව පොලීසියෙන් සිදු කරන ලද ඒකාබද්ධ මෙහෙයුමකදී මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයේ නිවසක් තුල සඟවා තිබූ තූල් හෙවත් දුම් කුඩු නැමැති නීති විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් අත් අත්අඩංගුවට ගන්නා ලදි.

මෙහිදී නිෂ්පාදනය කරන ලද දුම් කුඩු කිලෝ ග්‍රෑම් දෙකක් (02) ඒ සඳහා භාවිතා කිරීමට සූදානම් කර තිබූ හුණු කිලෝග්‍රෑම් 02ක් සහ දුම් කොළ තොගයක්, ඇසුරුම් කිරීමට භාවිතා කරන ඩප්පි 1000 ක් සහ ඇඹරුම් යන්ත්‍ර දෙකක් (02) සමගින් සැකකරුවන් දෙදෙනෙකු (02) අත් අඩංගුවට ගැනීමට සමත් විය. අත් අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 54 සහ 49 වැනි වියෙහි පසුවන මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු බවට හදුනා ගෙන ඇත.

තූල් නැමති මෙම තහනම් මත්ද්‍රව්‍ය විශේෂයෙන්ම පාසල් දරුවන් ඉලක්ක කර ගනිමින් නිෂ්පාදනය කරන බවට මෙතෙක් සිදු කරන ලද වැටලීම් වලදී අණාවරණය වූ කරුණු මත පැහැදිලිවේ. සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ මීගමුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් සිදු කරනු ලබයි.

තවද, මෙවැනි නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරන පුද්ගලයින් නීතිය ඉදිරියට ගෙන ඒමට නාවික හමුදාව තවදුරටත් මෙහෙයුම් සිදු කරමින් සිටී.