සැක සහිත ඩිංගි යාත්‍රාවක් සහ කිමිදුම් උපකරණ කිහිපයක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් අද (2020 පෙබරවාරි 06) ගාල්ල ගින්තොට ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී අතහැර දැමූ නිවසක් අසල සගවා තිබූ සැක සහිත ඩිංගි යාත්‍රාවක් සහ කිමිදුම් උපකරණ කිහිපයක් සොයා ගැනීමට හැකිවිය.

නීති විරෝධී ක්‍රම භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරත වීම හේතුවෙන් සිදුවන සාගර සම්පත් විනාශය වලක්වාලීම සඳහා නාවික හමුදාව නිරන්තර සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරගෙන යනු ලබන අතර, ඒ අනුව 2020 පෙබරවාරි 05 වන දින ගාල්ල ගින්තොට ප්‍රදේශයේ සිදු කරන ලද තවත් එක් සෝදිසි මෙහෙයුමකදී ගාල්ල ප්‍රදේශයේ අතහැර දමා තිබූ නිවසක් අසල තිබූ ඩිංගි යාත්‍රාවක් සහ එහි සඟවා තිබූ කිමිදුම් උපකරණ කිහිපයක් නාවික හමුදා භාරයට ගැනීමට සමත් වී ඇත.

ඒ අනුව, මෙම ඩිංගි යාත්‍රාව සහ කිමිදුම් උපකරණ වැඩිදුර විමර්ෂණය සඳහා නාවික හමුදාව භාරයේ තබා ගැනීමට කටයුතු කරන ලදි.