එක්සත් රාජධානියේ දියත් විධාන කිමිදුම් බලඝණයේ අණදෙන නිලධාරී කොමාණ්ඩර් අල් නෙක්ක්‍රවුස් (Al Nekrews) සහ නාවික හමුදාධිපතිතුමන් අතර හමුවක් නාවික හමුදා මූලස්ථානයේදී.

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන එක්සත් රාජධානියේ දියත් විධාන කිමිදුම් බලඝණයේ අණදෙන නිලධාරී කොමාණ්ඩර් අල් නෙක්ක්‍රවුස් (Al Nekrews) නාවික හමුදා මූලස්ථානයේදී අද (2020 පෙබරවාරි 06) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමුවිය.

නාවික හමුදා මූලස්ථානයේදී අණදෙන නිලධාරී වරයා පිළිගැනීමෙන් අනතුරුව නාවික හමුදාධිපති තුමා විසින් ඔහු සමග සුහද පිළිසඳරක නිරත විය. එහිදී, ඔවුන් ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලදි.

තවද, මෙම අවස්ථාව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා සහ එක්සත් රාජධානියේ දියත් විධාන කිමිදුම් බලඝණයේ අණදෙන නිලධාරී කොමාණ්ඩර් අල් නෙක්ක්‍රවුස් (Al Nekrews QGM RN) අතර සමරු තිළිණ හුවමාරුවක් සිදු කරන ලදි.