වැදගත් සිදුවීම්
ගල්කිස්ස වෙරළ තීරය පිරිසිදු කිරීම සඳහා ඉන්දියානු නාවික හමුදා සාමාජිකයින් ගේ සහාය.
නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරන ලද වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහක් අද (2020 පෙබරවාරි 08) ගල්කිස්ස වෙරළ තීරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන ලද අතර, ඒ සඳහා ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘ජමුනා’ නෞකාවේ කාර්ය මණ්ඩලයද එක්විය.
08 Feb 2020
නාවික හමුදාව විසින් පානම ප්‍රදේශයේ කඩොලාන පැල රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කරයි.
ශ්‍රී ලංකාවේ සාගරික සහ ගොඩබිම් පරිසර පද්ධතීන් සුරැකීම සඳහා සුවිශේෂී දායකත්වයක් ලබා දෙනු ලබන නාවික හමුදාව, කඩොලාන පරිසර පද්ධති ව්‍යාප්ත කිරීමේ ව්‍යාපෘතිය යටතේ කඩොලාන පැල රෝපණය කිරීමේ වැඩසටහනක් අද (2020 පෙබරවාරි 08) පානම ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කරන ලදී.
08 Feb 2020
නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් 12ක් නාවික හමුදා බාරයට
නාවික හමුදාව විසින් 2020 පෙබරවාරි 07 වන දින මන්නාරම, වලෙයිපාඩු ප්‍රදේශයට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් 12දෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.
08 Feb 2020
නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් සිව් දෙනෙකු (04) නාවික හමුදා බාරයට.
නාවික හමුදාව සහ ගාල්ල, ධීවර පරීක්ෂක නිලධාරීන් එක්ව 2020 පෙබරවාරි මස 07 වන දින ගාල්ල, හික්කඩුව ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් සිව්දෙනකු (04) නාවික හමුදා භාරයට ගන්නා ලදි.
08 Feb 2020
ඉන්දියානු නාවික හමුදාව සහ ශ්‍රීලංකා නාවික හමුදාව අතර සුහදතාවය වර්ධනය කර ගැනීමේ වැඩසටහන් රැසක්.
ජල විද්‍යාත්මක සමීක්ෂණයක් සිදු කිරීම සඳහා මෙරටට පැමිණ තිබෙන ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘ජමුනා’ නෞකාවේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රීලංකා නාවික හමුදාව අතර දෙරටේ සුහදත්වය වර්ධනය කිරීම අරමුණු කරගනිමින් වැඩසටහන් රැසක් 2020 පෙබරවාරි මස 07 වන දින ක්‍රියාත්මක කරන ලදි.
08 Feb 2020
තෙත සහිත බීඩි කොළ කිලෝ 700කට අධික ප්‍රමාණයක් නාවික හමුදා බාරයට
නාවික හමුදාව විසින් 2020 පෙබරවාරි 07 වන දින උඩප්පුව, සින්නපාඩු මුහුදු සීමාවේ සිදු කළ මුර සංචාරයක් අතරතුර මුහුදේ පාවෙමින් තිබූ තෙත සහිත බීඩිකොළ කිලෝග්‍රෑම් 700කට අධික ප්‍රමාණයක් සිය බාරයට ගැනීමට සමත්ව ඇත.
08 Feb 2020
කොටන තුවක්කුවක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
නාවික හමුදාව සහ මන්නාරම කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකය එක්ව 2020 පෙබරවාරි 07 වන දින මන්නාරම ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී කොටන තුවක්කුවක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගන්නා ලදි.
08 Feb 2020
නාවික හමුදාව විසින් ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය වෙත යාන්ත්‍රික උපකරණ පරිත්‍යාග කරනු ලබයි.
2020 පෙබරවාරි මස 06 වන දින ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය වෙත නාවික හමුදාව සතුව තිබු භාවිතයෙන් ඉවත් කරන ලද එංජින් සහ තාක්ෂණික උපකරණ පරිත්‍යාග කිරිම සිදුකරන ලදි.
08 Feb 2020


