මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු (01) නාවික හමුදා සහායෙන් නීතියේ රැහැනට

නාවික හමුදාව සහ සුරාබදු දෙපාර්තමේන්තුව එක්ව 2020 පෙබරවාරි 08 වන දින මන්නාරම ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු (01) අත්අඩංගුවට ගැනීමට සමත්විය.

මත්ද්‍රව්‍ය ජාවාරම මෙරටින් තුරන් කිරීමේ අරමුණින් නිරන්තර මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබන නාවික හමුදාව විසින් මේ වනවිට ජාවාරම්කරුවන් විශාල පිරිසක් නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කර ඇත. ඒ අනුව, නාවික හමුදාව, යාපනය චන්කානෙයි සුරාබදු කාර්යාලයේ නිලධාරීන් හා එක්ව මන්නාරම, පනන්කඩිකොට්ටු ප්‍රදේශයේ ක්‍රියාත්මක කල තවත් එක් සෝදිසි මෙහෙයුමක් අතරතුර, හෙරොයින් මිලි ග්‍රෑම් 122ක් සහ තවත් මත්කුඩු ග්‍රෑම් 499ක ප්‍රමාණයක් විකිණීම සඳහා ළඟ තබා ගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට සමත්විය.

මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයා වයස අවුරුදු 24ක් වන මන්නාරම ප්‍රදේශයේම පදිංචිකරුවකු බවට හඳුනාගෙන ඇති අතර, එම සැකකරු සහ හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු යාපනය චන්කානෙයි සුරාබදු කාර්යාලය මගින් සිදු කරනු ලබයි.