දිවයින වටා වූ වෙරළ තීරය අපද්‍රව්‍ය වලින් තොර සුන්දර වෙරළක් බවට පත් කිරීමට නාවික හමුදා දායකත්වය

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහන් කිහිපයක් උතුරු සහ දකුණු නාවික විධානයන් කේන්ද්‍ර කරගනිමින් 2020 පෙබරවාරි 05 සහ 07 යන දිනයන්හි ක්‍රියාත්මක කරන ලදි.

‘නීල හරිත’ ව්‍යාපෘතිය යටතේ නාවික හමුදාව ක්‍රියාත්මක කරන ලද තවත් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් මලාවක් මෙලෙස 2020 පෙබරවාරි 05 සහ 07 යන දිනයන්හි උතුරු අර්ධද්වීපයට අයත් යාපනය, කන්කසන්තුරය වරාය ආශ්‍රිත වෙරළ තීරය, ඩෙල්ෆ් දූපතේ වෙරළ තීරය, මණ්ඩතිවු ප්‍රදේශය ආශ්‍රිත වෙරළ තීරය සහ ගාල්ල මහමෝදර යන වෙරළ තීරයන් කේන්ද්‍ර කර ගනිමින් පවත් වන ලදි. එහිදී, අපිරිසිදුව තිබූ වෙරළ තීරයන් නාවික පුද්ගලයින්ගේ දැඩි කැපවීම මත අපද්‍රව්‍ය වලින් තොර වෙරළ තීරයන් බවට පත් කිරීමට හැකි වූ අතර, මෙම වැඩසටහන් සඳහා නාවික හමුදා පුද්ගලයන් විශාල පිරිසක් සහ ප්‍රදේශවාසින්ද සහභාගී වන ලදි.

තවද, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් මත සියළු නාවික විධානයන් කේන්ද්‍ර කරගනිමින් දිවයින වටා වූ වෙරළ තීරය අලංකාරවත්ව සහ සුන්දර වෙරළ තීරයක් බවට පත් කිරීමට නාවික හමුදාව කටයුතු කර ඇති අතර, එමඟින් දිවයින වටා වූ සියළු වෙරළ තීරයන් දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශණය දිනා ගැනීමට සමත්ව ඇත.


දකුණු වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහන


යාපනය ප්‍රදේශයේ වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහන