බලපත්‍ර නොමැතිව කිමිදුම් උපකරණ යොදා ගනිමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට.

නාවික හමුදාව 2020 පෙබරවාරි 11 වන දින මන්නාරම, පල්ලෙමුණේ වෙරළ තීරයේ සිදු කල මුර සංචාරයක් අතරතුර බලපත්‍ර නොමැතිව කිමිදුම් උපකරණ යොදා ගනිමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගෙන ඇත.

නීති විරෝධී ක්‍රම භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරතවීම හේතුවෙන් සිදුවන සාගර සම්පත් විනාශය වලක්වාලීම අරමුණු කර ගනිමින් නාවික හමුදාව විසින් දිවයින වටා මුර සංචාරයන් ක්‍රියාත්මක කරනු ලබන අතර, ඒ අනුව 2020 පෙබරවාරි මස 11 වන දින මන්නාරම, පල්ලෙමුණේ වෙරළ තිරයේ සිදු කල මුර සංචාරයක් අතර තුර බලපත්‍ර නොමැතිව කිමිදුම් උපකරණ යොදා ගනිමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට සමත්වී ඇත. එහිදී අදාල පුද්ගලයින් දෙදෙනා සහ අනෙකුත් කිමිදුම් උපකරණ ඇතුළු ධීවර ආම්පන්නද නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලද පුද්ගලයින් මන්නාරම සහ සිලාවතුර යන ප්‍රදේශයන්හි පදිංචි වයස අවුරුදු 27 සහ 29 යන වයස්වල පසුවන පුද්ගලයින් බවට හඳුනාගෙන ඇති අතර, අදාල පුද්ගලයින්, කිමිදුම් උපකරණ සහ අනෙකුත් ධීවර ආම්පන්න සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා මන්නාරම සහකාර ධීවර අධ්‍යක්‍ෂ වෙත භාරදීමට කටයුතු කර ඇත.