නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් ප්‍රජාසත්කාරක වැඩසටහනක්

නාවික හමුදා සේවා වනිතා ඒකකය ක්‍රියාත්මක කරනු ලබන ප්‍රජාසත්කාරක වැඩසටහනක් 2020 පෙබරවාරි 11 වන දින සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, අරුන්දති උදිතමාලා ජයනෙත්ති මැතිණියගේ ප්‍රදානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේදී ක්‍රියාත්මක කරන ලදී.

සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනියගේ සංකල්පයක් මත නාවික හමුදා පුද්ගලයින්ගේ සහ නාවික හමුදා සිවිල් පුද්ගලයින්ගේ සුභසාධනය අරමුණු කර ගනිමින්, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ මුල්‍යධාර යටතේ ලබා ගන්නා ලද පරිත්‍යාගයන් රැසක් බෙදාහැරිම මෙහිදී සිදු කෙරුණි. ඒ අනුව, නාවික හමුදාවේ සේවය කරනු ලබන සිවිල් සේවක මහතෙකු වන අර්එම් ආනන්ද හට සුභසාධක මෙහෙවරක් ලෙස තාවකාලිකව ලෑලිවලින් සාදා ඇති නිවස අළුත්වැඩියා කර ගැනිම වෙනුවෙන් සේවා වනිතා මුල්‍යමය පරිත්‍යාගයක් වශයෙන් රු.300,000.00 ක මුදලක් පරිත්‍යාග කිරිම, නාවික හමුදාවෙන් ඉවත්ව සිටින ලිපිකරු ටීජීජී සංජීව එස්ඩබ් 32101 දරණ නාවිකයාගේ දරුවන් තිදෙනා හට අවශ්‍ය පාසල් උපකරණ ලබාදීම සහ මියගිය බනැවි එන්ඒටී කරුණාරත්න විඒ 66577 දරණ නාවිකයාගේ අවුරුද්දේ දානමය පිංකම සඳහා අවශ්‍ය පිරිකර පරිත්‍යාග කිරීම සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමියගේ සුරතින් සිදු කරන ලදි.

එම අවස්ථාව සඳහා සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සාමාජිකාවන් වන චාන්දනී සමරවීර මැතිණිය, කුමාරි වීරසිංහ මැතිණිය සහ යසින්තා විජේසේකර මැතිණිය ඇතුළු සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩලය සහභාගි වී සිටින ලදි.