ගැඹුරු මුහුදේ සිදු කෙරෙන අපරාධ මැඩලීම පිලිබඳ සාකච්ඡාවක් නාවික හමුදා මෙහෙයවීමෙන්.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද ‘ගැඹුරු මුහුදේ මත්ද්‍රව්‍ය ජාවාරම සහ වෙනත් නීති විරෝධී කටයුතු සඳහා සැක සහිත යාත්‍රා සම්බන්ධ අභියෝග’ යන තේමාවෙන් යුත් බහු පාර්ශවික සාකච්ඡා වැඩසටහනක් 2020 පෙබරවාරි 10 වන දින කොළඹ පිහිටි ප්‍රදීපාගාර අවහන්හල පරිශ්‍රයේදී සාර්ථකව නිම විය.

මේ සඳහා එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) නියෝජනය කරමින් ඇලන් කෝල් (Allen Cole) මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩාමක්, ඕස්ට්‍රේලියානු නාවික හමුදාවේ නියෝජිතයෙක් සහ නාවික හමුදා අධ්‍යක්‍ෂ මෙහෙයුම් රියර් අද්මිරාල් නන්දන ජයරත්නගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරී කණ්ඩායමක් සහභාගී විය.

මෙම සාකච්ඡාවේදී ගැඹුරු මුහුදේ නිති විරෝධී කටයුතු වල නිරත වන හා විශේෂයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම හා සම්බන්ධ නෞකා සහ යාත්‍රා සඳහා නීතිය බලාත්මක කිරීමට ලබා දී ඇති නෛතික බලතල පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදි.