තලෙයිමන්නාරම්තොට දුම්රිය ස්ථානය පිරිසිදු කිරීමට නාවික හමුදා සහාය.

මිනිස් ක්‍රියාකාරකම් සහ ස්වාභාවීක හේතූන් මත අපවිත්‍රව පැවති තලෙයිමන්නාරම්තොට දුම්රිය ස්ථානය නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් 2020 පෙබරවාරි 11 වන දින පිරිසිදු කරන ලදි.

උතුරු මැද නාවික විධානය භාර ආඥාපතිගේ උපදෙස් මත 2020 පෙබරවාරි 11 වන දින තලෙයිමන්නාරම්තොට දුම්රිය ස්ථානය පිරිසිදු කිරීමේ වැඩසටහනක් නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරන ලද අතර, එහිදි මිනිස් ක්‍රියාකාරකම් සහ ස්වාභාවීක හේතූන් මත අපවිත්‍රව පැවති දුම්රිය ස්ථානයේ තිබූ කැලි කසළ ඉවත් කර පිරිසිදු කිරීමට නාවික හමුදාවට හැකි විය.

මෙම අවස්ථාව සඳහා ශ්‍රීලංනානෞ තම්මැන්නා ආයතනයට අනුයුක්ත නාවික පුද්ගලයින් ‍සහභාගී වී සිටි අතර, දුම්රිය ස්ථානය පිරිසිදු කරදීම සම්බන්ධයෙන් දුම්රිය ස්ථානයේ කාර්ය මණ්ඩලය මෙන්ම ප්‍රදේශවාසී ජනතාව නාවික හමුදාව වෙත සිය ප්‍රශංශාව පළකර සිටින ලදි.