වත්තල, මත්පැන් අලෙවිසැල තුල හටගත් ගින්න මැඩලීමට නාවික හමුදා සහාය.

වත්තල ප්‍රදේශයේ මත්පැන් අලෙවි සැලක හදිසියේ හටගත් ගින්නක් මැඩපැවැත්වීම සඳහා අද (2020 පෙබරවාරි 13) නාවික හමුදාව සිය දායකත්වය ලබා දෙන ලදී.

වත්තල ප්‍රදේශයේ මත්පැන් අලෙවි සැලක හදිසියේ ගින්නක් හට ගෙන ඇති බව අද (2020 පෙබරවාරි 13) මහබාගේ පොලීසිය විසින් නාවික හමුදාව වෙත කරන ලද දැනුම්දීමකට අනුව ක්ෂණිකව ක්‍රියාත්මක වූ නාවික හමුදාව කඩිනමින් ගිනි නිවීමේ කණ්ඩායමක් එම ස්ථානය වෙත යැවීමට කටයුතු කරන ලදී. ඒ සඳහා නාවික හමුදා ගිනි නිවීමේ ඒකකය මගින් ගිනි නිවීමේ රථ සහ ජල බවුසර ඇතුළුව නාවික පුද්ගලයින් පිරිසක් අනුයුක්ත කර සාර්ථකව ගින්න නිවා දැමීම‍ට කටයුතු කරන ලදී.

රට තුල ඇතිවන ඕනෑම හදිසි තත්වයකදී පෙරමුණ ගෙන කටයුතු කරනු ලබන ශ්‍රී ලංකා නාවික හමුදාව, ඉදිරියේදී ද මහජනතාව හට සිදුවන ඕනෑම ව්‍යසනයකදී උපකාර කිරීමට සුදානමින් සිටි.