නාවික හමුදා සාමාජිකයින් 776 දෙනෙකු පොදු සමා කාලය තුල නාවික කඳවුරු වෙත භාර වෙයි.

72 වන නිදහස් සමරු උළෙලට සමගාමීව ප්‍රකාශයට පත් කරන ලද පොදු සමා කාලය යටතේ නිත්‍යානුකූල නොවන අයුරින් සේවය හැරගිය නාවික හමුදා සාමාජිකයින් 776 දෙනෙකු නාවික හමුදා කඳවුරු වෙත වාර්ථා කර ඇත.

විවිධ අභියෝගයන්ට මුහුණදී රට ජාතිය වෙනුවෙන් සේවයකල නමුත්, නිසි ක්‍රියාපටිපාටීන් අනුගමනය නොකර සේවාවන් අතහැරගිය ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට යලි අවස්ථාවක් ලබාදීමේ අරමුණින් අතිගරු ජනාධිපතිතුමා විසින් 72 වන නිදහස් සමරු උළෙලට සමගාමීව පොදු සමා කාලයක් 2020 පෙබරවාරි 05 වන දින සිට 12 වන දින දක්වා ප්‍රකාශයට පත්කරනු ලැබූ අතර, ඒ අනුව එම පොදු සමා කාලය තුල නිත්‍යානුකූල නොවන අයුරින් සේවය හැරගිය නාවික හමුදා සාමාජිකයින් 776 දෙනෙකු මෙලෙස නාවික හමුදා කඳවුරු වෙත වාර්ථා කර ඇත.