අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල (CISM) සැමරුම් මාර්ග ධාවනය - 2020 මෙවර නාවික හමුදාවේ සංවිධානත්වයෙන් සාර්ථකව පැවැත්විය

අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල (Council International Military Sports) සැමරුම් මාර්ග ධාවනය - අද (2020පෙබරවාරි 18) කොළඹ ගාලු මුවදොර දී පැවැත් විය

ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරල් (විශාමික) කමල් ගුණරත්න, වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස්, ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම සෙසු නිලයන් නියෝජනය කරමින් විශාල පිරිසක් සහ ආබාධිත රණවිරුවන් පිරිසක් ද මෙම අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල මාර්ග ධාවනය සඳහා සහභාගි වී සිටියහ. ‘ක්‍රීඩාව තුළින් මිත්‍රත්වය’ යන ආදර්ශපාඨය පදනම් කරගනිමින් පැවැත් වූ මෙම ධාවන තරඟය කොලඹ ප්‍රදීපාගාර පරිශ්‍රය අසලින් ආරම්භ වී , ගාලු පාර ඔස්සේ ඉදිරියට ගොස් කොළඹ, ගාලු මුවදොර හෝටලය ඉදිරිපිට වට රවුමෙන් හැරී නැවත ප්‍රදීපාගාර පරිශ්‍රය අසලින් නිමාවට පත් විය. ඉන් අනතුරුව ඒ සඳහා සහභාගි වූ සියළුදෙනා හට සහතිකපත්‍ර ප්‍රදානය කිරීමක් ද සිදු කරන ලදී.

අන්තර් ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිලය 1948 වසරේ පෙබරවාරි 18 වන දින ආරම්භ වූ අතර, මෙය ලෝකයේ පවතින විශාලතම සංවිධානයක් වේ. වර්තමානයේදී රටවල් 139 ක ත්‍රිවිධ හමුදා සාමාජිකයින් එහි සාමාජිකත්වය ලබාගෙන ඇති අතර, ශ්‍රී ලංකාවද 1996 වසරේදි එහි සාමාජිකත්වය ලබා ගෙන ඇත. ඒ අනුව අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිලය විසින් ශීත සෘතුවේ හා ග්‍රීස්ම සෘතුවේදි මහද්වීප මට්ටමින් සෑම වසර 04 කට වරක්ම අන්තර්ජාතික හමුදා ක්‍රීඩා තරඟාවලි පවත්වනු ලබන අතර, ඒ සඳහා ත්‍රිවිධ හමුදා නියෝජනය කරමින් අදාල සාමාජිකත්ව රටවල් වල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වේ.