වයඹ නාවික විධානය භාර ආඥාපති වශයෙන් රියර් අද්මිරාල් පියරත්න දසනායක වැඩ භාර ගනී

රියර් අද්මිරාල් පියරත්න දසනායක අද (2020 පෙබරවාරි 18) වයඹ නාවික විධාන මූලස්ථානයේදී විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී.

වයඹ නාවික විධානය භාර ආඥාපති වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් රුවන් පෙරේරා විසින් වයඹ නාවික විධාන මූලස්ථානයේදී එම ධූරයේ රාජකාරීන් රියර් අද්මිරාල් පියරත්න දසනායක වෙත භාර දීම සිදු කෙරිණි. වයඹ නාවික විධානය භාර ආඥාපති ලෙස වැඩ භාර ගැනීමට පෙර රියර් අද්මිරාල් පියරත්න දසනායක නාවික හමුදා මූලස්ථානයේ සැපයුම් කළමණාකරන ඒකකයේ අධ්‍යක්‍ෂ වරයා වශයෙන් කටයුතු කරන ලදි.

වැඩ භාර ගත් නව ආඥාපති වෙත සම්මාන ආචාර මුරයක් පිරිනමමින් වයඹ නාවික විධානය වෙත පිළිගත් අතර, එම විධානය භාරව රාජකාරි කළ රියර් අද්මිරාල් රුවන් පෙරේරා තව නොබෝ දිනකින් නැගෙනහිර නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩභාර ගැනීමට නියමිතව ඇත. ඒ අනුව හිටපු ආඥාපති වෙත උතුරු මැද නාවික විධානයේ ‍‍‍‍‍නිලධාරීන් විසින් සුභ පැතීමෙන් අනතුරුව නාවික සම්ප්‍රදායානුකූලව සම්මාන ආචාර මුරයක් පිරිනමමින් සමුදීම සිදු කරන ලදී.