දකුණු නාවික විධානයේ සුනඛ සංචිතයක් ආරම්භ කෙරේ.

දකුණු නාවික විධාන සුනඛ සංචිතය ශ්‍රීලංනානෞ නිපුන ආයතනයේ දී දකුණු නාවික විධාන භාර ආඥාපති රියර් අද්මිරාල් කස්සප පෝල් විසින් අද (2020 පෙබරවාරි 18) ස්ථාපිත කරන ලදි.

ඒ අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් පරිදි දකුණු නාවික විධාන භාර ආඥාපති විසින් ස්ථාපිත කරන ලද මෙම සුනඛ සංචිතයේ සිටින ඉව අල්ලන සුනඛයින් යොදා ගනිමින් ප්‍රදේශයේ බහුලව පවතින නීති විරෝධී පුපුරන ද්‍රව්‍ය සෙවීම, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය, සැකකටයුතු පුද්ගලයින් සහ සැඟවූ මත්ද්‍රව්‍ය සොයාගැනීම වැනි මෙහෙයුම් ඉදිරියේදී සාර්ථකව සිදුකිරීම අපේක්ෂා කෙරේ.