මුහුදේ ගිලෙමින් සිටි කාන්තාවක් නාවික හමුදාව විසින් බේරා ගැනේ

නාවික හමුදාව විසින් 2020 පෙබරවාරි 18 වන දින තිරුක්කොවිල්, සංගමම්ග්‍රාමම් මුහුදු තීරයේ ගිලෙමින් සිටි කාන්තාවකගේ දිවි බේරා ගන්නා ලදි.

තිරුක්කොවිල්, සංගමම්ග්‍රාමම් මුහුදේ දිය නාමින් සිටියදී මෙම කාන්තාව සැඩ පහරට හසුවී දියේ ගසාගෙන ගොස් ඇත. එහිදී එම වෙරළ තීරයේ වෙරළ පිරිසිඳු කිරීමේ කටයුතු වල නිරතව සිටි නාවිකයින් විසින් කඩිනමින් ක්‍රියාත්මක වී එම කාන්තාව නිරුපද්‍රිතව බේරා ගෙන ගොඩබිම වෙත රැගෙන විත් වැඩිදුර ප්‍රථිකාර සඳහා තිරුක්කෝවිල් රෝහල වෙත රැගෙන යාමට කටයුතු කරන ලදි.

මෙසේ ‍බේරා ගනු ලැබු කාන්තාව වයස අවුරුදු 68ක් වන එම ප්‍රදේශයේම පදිංචිකාරියක බව හඳුනාගෙන ඇත.