‘නාවික ජර්නලය’ (Bi- Annual Navy Journal) පස්වන කලාපය එළිදකී

නාවික හමුදා පර්යේෂණ ඒකකය විසින් ප්‍රකාශයට පත් කෙරෙන ‘නාවික සඟරාව’ (Bi- Annual Navy Journal)අටවන කලාපයේ (පස්වන වේළුමේ දෙවන නිකුත්කිරීම) එහි ප්‍රධාන කතෘ කොමදෝරු ප්‍රදීප් රත්නායක විසින් 2020 පෙබරවාරි 18 වන දින නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල්ද සිල්වා වෙත පිළිගැන්විය.

විවිධ විෂය ක්‍ෂ්ත්‍රයන් සම්බන්ධයෙන් නාවික පුද්ගලයන්ගේ විශ්ලේෂණාත්මක සිතීමේ සහ ශාස්ත්‍රීය ලිවීමේ හැකියාව වර්ධනය කිරීමත්, කියවීමේ හැකියාව පුළුල් කිරීම මෙන්ම නාවික පුද්ගලයන් පර්යේෂණ නිබන්දන ලිවීම කෙරෙහි උනන්දු කරවීමත් ‘නාවික සඟරාව’ මගින් අපේක්‍ෂා කෙරේ.