72 වන නිදහස් සැමරුම් උළෙලට සහභාගී වූ නාවික පුද්ගලයන් වෙත නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා සිය ප්‍රශංසාව පුද කරයි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් අද (2020 පෙබරවාරි 19) බටහිර නාවික විධාන මූලස්ථානයේදී 72 වන නිදහස් සැමරුම් උළෙලට සහභාගී වූ නාවික පුද්ගලයින් අමතා සිය ප්‍රශංසාව පුද කිරීමට කටයුතු කරන ලදි.

ඒ අනුව, බටහිර නාවික විධාන මූලස්ථානය වෙත පැමිණි නාවික හමුදාධිපති, බටහිර නාවික විධාන නියෝජ්‍ය ආඥාපති කොමදෝරු බන්දුල සේනාරත්න විසින් පිළිගත් අතර, ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේදී නාවික හමුදාධිපති විසින් 72 වන නිදහස් දිනයට සහභාගී වූ නාවික පුද්ගලයින් අමතා සිය ප්‍රශංසාව පුද කර සිටින ලදි. මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, අධ්‍යක්‍ෂ ජෙනරාල් පරිපාලන රියර් අද්මිරාල් ප්‍රියන්ත කුරුකුලසූරිය යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද සහභාගි විය.