දික්ඕවිට ප්‍රදේශයේ ඇති වූ හදිසි ගින්නක් නිවා දැමීමට නාවික හමුදා සහාය

දික්ඕවිට, ධීවර වරාය දකුණු පර්යන්ත‍ය ඉදිරිපිට පාළු ඉඩමක හදිසියේ හටගත් ගින්නක් මැඩපැවැත්වීම සඳහා 2020 පෙබරවාරි 18 වන දින නාවික හමුදාව සිය දායකත්වය ලබා දෙන ලදී.

ඒ අනුව, දික්ඕවිට, ධීවර වරාය දකුණු පර්යන්ත‍ය ඉදිරිපිට පාළු ඉඩමක් තුල හදිසි ගින්නක් හට ගෙන ඇති බව නාවික හමුදාව වෙත ලැබුනු දැනුම්දීමකට අනුව බටහිර නාවික විධානයට අයත් ගිනි නිවීමේ කණ්ඩායමක් එම ස්ථානය වෙත කඩිනමින් යැවීමට කටයුතු කරන ලදී. ඒ සඳහා ගිනි නිවීමේ රථයක් ඇතුළුව නාවික පුද්ගලයින් පිරිසක් අනුයුක්ත කරන ලද අතර, එහිදී ප්‍රදේශවාසින්ගේ ද සහාය ඇතිව නාවික හමුදා ගිනි නිවිමේ ඒකකය ගින්න නිවා දැමීම‍ට කටයුතු කරන ලදී.

රට තුල ඇතිවන ඕනෑම හදිසි තත්වයකදී පෙරමුණ ගෙන කටයුතු කරන ලබන ශ්‍රී ලංකා නාවික හමුදාව, ඕනෑම ව්‍යසනයකදී මහජනතාවට සහන සැලසීමට නිරන්තර සුදානමින් සිටි.