ඉන්දියාවේ ජර්මන් තානාපති කාර්යයාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් මයිකල් ෆ්රික් නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක.

ඉන්දියාවේ ජර්මන් තනාපති කාර්යයාලයේ ආරක්‍ෂක උපදේශක, කර්නල් මයිකල් ෆ්රික් අද (2020 පෙබරවාරි 19) නාවික හමුදා මූලස්ථානයේ නිල සංචාරයක නිරත වන ලදි.

ඒ අනුව, නාවික හමුදා මූලස්ථානය වෙත පැමිණි ඉන්දියාවේ ජර්මන් තනාපති කාර්යයාලයේ ආරක්‍ෂක උපදේශක, කර්නල් මයිකල් ෆ්රික් නාවික සම්ප්‍රදායානුකූලව නාවික හමුදා මූලස්ථානය වෙත පිළිගන්නා ලදි. මෙහිදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා සහ ඉන්දියාවේ ජර්මන් තානාපති කාර්යායලයේ ආරක්‍ෂක උපදේශකතුමන් වැදගත් කරුණු රාශියක් සම්බන්ධයෙන් සුහද කථාබහක නිරතවූ අතර, මෙම නිල හමුව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරුණි.