නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා රිඡ්වේ ආර්යා ළමා රෝහලේ සංචාරයක

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා අද (2020 පෙබරවාරි 19) රිඡ්වේ ආර්යා ළමා රෝහලෙහි සංචාරයක නිරත විය.

‘ලිට්ල් හාට්’ ව්‍යාපෘතිය යටතේ රිඡ්වේ ආර්යා ළමා රෝහලෙහි ඉදිකරනු ලබන නව හෘද හා වෛද්‍ය දැඩි සත්කාර ඒකකයේ ඉදිරිකිරීම් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් ඉංජිනේරු දැනුම හා ශ්‍රම දායකත්වය ලබා දීමට කටයුතු කරනු ලබයි. ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉංජිනේරු නිලධාරීන් සහ නාවිකයින් විශාල පිරිසක් දැඩි කැපවීමෙන් සහ උනන්දුවෙන් තම දායකත්වය ලබා දෙමින් සිටින අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා අද (2020 පෙබරවාරි 19) එම පිරිස හමුවීමට සහ ඉදිකිරීම් කටයුතු පිළිබඳ සොයා බැලීම සඳහා එම රෝහලෙහි සංචාරයක නිරත විය.

එහිදී නාවික හමුදාධිපතිතුමන් විසින් ඉදිකිරීම් කටයුතු වලට දායකත්වය දක්වනු ලබන නාවික හමුදා නිලධාරීන් ඇතුළු පිරිස සමග සුහද කතාබහක නිරත වූ අතර, මෙම ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් දක්වනු ලබන දායකත්වය වෙනුවෙන් ඔවුන් හට ප්‍රශංසාව ද පල කර සිටින ලදි.