වැදගත් සිදුවීම්

නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙක් (04) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් අද (2020 පෙබරවාරි 19) යාපනය, අල්ලයිප්පිඩ්ඩි ප්‍රදේශයට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකු (04) නාවික හමුදා භාරයට ගෙන ඇත.

19 Feb 2020

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා රිඡ්වේ ආර්යා ළමා රෝහලේ සංචාරයක

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා අද (2020 පෙබරවාරි 19) රිඡ්වේ ආර්යා ළමා රෝහලෙහි සංචාරයක නිරත විය.

19 Feb 2020

ඉන්දියාවේ ජර්මන් තානාපති කාර්යයාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් මයිකල් ෆ්රික් නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක.

ඉන්දියාවේ ජර්මන් තනාපති කාර්යයාලයේ ආරක්‍ෂක උපදේශක, කර්නල් මයිකල් ෆ්රික් අද (2020 පෙබරවාරි 19) නාවික හමුදා මූලස්ථානයේ නිල සංචාරයක නිරත වන ලදි.

19 Feb 2020

නීති විරෝධී ලෙස කිමිදුම් කටයුතු වල නිරත වූ පුද්ගලයින් පස් දෙනෙක් (05) නාවික හමුදා භාරයට

පුත්තලම, උඩප්පුව මුහුදු ප්‍රදේශයේ කිමිදුම් කටයුතු වල නිරතවීම සීමා කළ මුහුදු සීමාව තුළ නීති විරෝධි ලෙස කිමිදුම් කටයුතු වල නිරත වූ පුද්ගලයින් පස් දෙනෙක් (05) 2020 පෙබරවාරි 18 වන දින නාවික හමුදාව විසින් සිය භාරයට ගන්නා ලදි.

19 Feb 2020

දික්ඕවිට ප්‍රදේශයේ ඇති වූ හදිසි ගින්නක් නිවා දැමීමට නාවික හමුදා සහාය

දික්ඕවිට, ධීවර වරාය දකුණු පර්යන්ත‍ය ඉදිරිපිට පාළු ඉඩමක හදිසියේ හටගත් ගින්නක් මැඩපැවැත්වීම සඳහා 2020 පෙබරවාරි 18 වන දින නාවික හමුදාව සිය දායකත්වය ලබා දෙන ලදී.

19 Feb 2020

72 වන නිදහස් සැමරුම් උළෙලට සහභාගී වූ නාවික පුද්ගලයන් වෙත නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා සිය ප්‍රශංසාව පුද කරයි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් අද (2020 පෙබරවාරි 19) බටහිර නාවික විධාන මූලස්ථානයේදී 72 වන නිදහස් සැමරුම් උළෙලට සහභාගී වූ නාවික පුද්ගලයින් අමතා සිය ප්‍රශංසාව පුද කිරීමට කටයුතු කරන ලදි.

19 Feb 2020

‘නාවික ජර්නලය’ (Bi- Annual Navy Journal) පස්වන කලාපය එළිදකී

නාවික හමුදා පර්යේෂණ ඒකකය විසින් ප්‍රකාශයට පත් කෙරෙන ‘නාවික සඟරාව’ (Bi- Annual Navy Journal)අටවන කලාපයේ (පස්වන වේළුමේ දෙවන නිකුත්කිරීම) එහි ප්‍රධාන කතෘ කොමදෝරු ප්‍රදීප් රත්නායක විසින් 2020 පෙබරවාරි 18 වන දින නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල්ද සිල්වා වෙත පිළිගැන්විය.

19 Feb 2020

මුහුදේ ගිලෙමින් සිටි කාන්තාවක් නාවික හමුදාව විසින් බේරා ගැනේ

නාවික හමුදාව විසින් 2020 පෙබරවාරි 18 වන දින තිරුක්කොවිල්, සංගමම්ග්‍රාමම් මුහුදු තීරයේ ගිලෙමින් සිටි කාන්තාවකගේ දිවි බේරා ගන්නා ලදි.

19 Feb 2020