කේරළ ගංජා කිලෝ 3 ග්‍රෑම් 500 ක් අත් අඩංගුවට ගැනීමට නාවික හමුදා සහය

නාවික හමුදාව සහ සුරාබදු ඒකකය එක්ව 2020 පෙබරවාරි 19 වන දින යාපනය, මරදන්කේනි ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 3 ග්‍රෑම් 500 ක පමණ ප්‍රමාණක් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

මෙහිදී උතුරු නාවික විධානයේ නාවිකයින් හා චන්කේනි සුරාබදු ඒකකය සමඟ එක්ව යාපනය, මරදන්කේනි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමක් අතරතුරදී මාර්ගය අසල ප්‍රදේශයක තිබූ සැකකටයුතු පාර්සල් දෙකක් (02) නිරීක්‍ෂණය කර ඇත. ඒ අනුව, එම පාර්සල් දෙක වැඩිදුරටත් පරීක්‍ෂා කිරීමේදී එහි තිබී කේරළ ගංජා කිලෝ 3 ග්‍රෑම් 500 ක පමණ ප්‍රමාණයක් සොයා ගන්නා ලද අතර, එහිදී කේරළ ගංජා තොගය අත්අඩංගුවට‍ ගැනීමට කටයුතු කරන ලදි.

නාවික හමුදාව විසින් නිරන්තරයෙන් සිදු කරනු ලබන සොදිසි මෙහෙයුම් හේතුවෙන් සැක කරුවන් විසින් මෙම කේරළ ගංජා තොගය අතහැර ගොස් ඇති බවට සැක පල කරන අතර, අත්අඩංගුවට ගන්නා ලද කේරළ ගංජා කිලෝ 3 ග්‍රෑම් 500 ක ප්‍රමාණය පිළිබද වැඩිදුර විමර්ෂණ චන්කේනි සුරාබදු ඒකකය මගින් සිදු කරනු ලබයි.