‘ටෙස්’ පුද්ගලික ආයතනය මගින් නාවික හමුදාව වෙත දියයට ඡායාරූප සහ වීඩියෝ දර්ශන ලබා ගත හැකි දුරස්ථපාලක ඩ්‍රෝන කැමරාවක් ප්‍රදානය කරයි

‘ටෙස්’ ආයතනය විසින් දියයට ඡායාරූප සහ වීඩියෝ දර්ශන ලබා ගත හැකි දුරස්ථපාලක ඩ්‍රෝන කැමරාවක් අද (2020 පෙබරවාරි 20) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා වෙත ප්‍රදානය කරන ලදි.

ඒ අනුව, ‍‘ටෙස්’ පුද්ගලික ආයතනයේ ප්‍රධාන විධායක අධ්‍යක්‍ෂ ශිරාන් ප්‍රනාන්දු මහතා විසින් මෙම දියයට භාවිතා කළ හැකි දුරස්ථ පාලක ඩ්‍රෝන කැමරාව නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති තුමන් වෙත භාර දීම සිදු කළ අතර, මෙමගින් මීටර් සියයක් (100 m) ගැඹුරක ඉතාමත් පැහැදිලි ඡායාරූප සහ වීඩියෝ දර්ශන ලබා ගැනිමේ හැකියාව පවති.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ නීලහරිත පාරිසරික සංකල්පය යටතේ සිදු කරන ලබන කොරල් සංරක්‍ෂණය සහ නැවත සිටු වීමේ ව්‍යාපෘති අධීක්‍ෂණ කටයුතු සඳහා මෙන්ම නාවික හමුදාව සිදු කරනු ලබන කිමිදුම් සහය ලබාදීම් සඳහාද දියයට නිරීක්‍ෂණ කටයුතු සඳහා මෙම දියයට දුරස්ථපාලක ඩ්‍රෝන කැමරාව ඉතා ඵලදායි ලෙස යොදා ගැනීමට හැකියාව ඇති අතර, සාගර පරිසර පද්ධතිය ආරක්‍ෂා කිරීම සඳහා සිදු කරනු ලබන නිරන්තර සෝදිසි මෙහෙයුම් ද ඉතා කාර්යක්‍ෂමව සහ පහසුවෙන් සිදු කර ගැනීමට ද මෙමගින් මහත් පිටුවහලක් ලැබේ.