ඉන්දියාවේ ජර්මානු තානාපති කාර්යයාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ ආරක්‍ෂක උපදේශක වශයෙන් කටයුතු කරන කර්නල් මයිකල් ෆ්රික් නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත වෙයි

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීම සඳහා පැමිණි ඉන්දියාවේ ජර්මානු තානාපති කාර්යයාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ ආරක්‍ෂක උපදේශක වශයෙන් කටයුතු කරන, කර්නල් මයිකල් ෆ්රික් අද (2020 පෙබරවාරි 20) නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත වන ලදී.

ඒ අනුව, කර්නල් මයිකල් ෆ්රික් නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ හමු වී ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව අදහස් හුවමාරු කර ගන්නා ලදි. එසේම මෙම අවස්ථාවන් සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කරන ලද අතර, නාවික තඨාකාංගනය සහ නෞකාවන් නැරඹීම සඳහාද කර්නල් මයිකල් ෆ්රික් සහභාගී විය.