බලපත්‍ර නොමැතිව වැලි පටවමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට

බලපත්‍ර නොමැතිව වැලි පටවමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් (02) 2020 පෙබරවාරි 20 වන දින නාවික හමුදාව විසින් සිය භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

රට තුළ සිදු වන නීති විරෝධී ක්‍රියාවන් මැඩපැවැත්වීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තරයෙන් කටයුතු කරනු ලබන අතර, එහි තවත් එක් විශේෂ මෙහෙයුමක් නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ත්‍රිකුණාමලය, සෙම්බල්තෙට්ටි ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් සිදු කරන ලදි. එහිදි බලපත්‍ර නොමැතිව වැලි පටවමින් සිටියදී මෙලෙස මෙම සැකකරුවන් දෙදෙනා (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලද අතර, එහිදී ඔවුන් සතුව තිබී ටිපර් රථයක් (01), ට්‍රේලරයක් සහිත ට්‍රැක්ටර් රථයක් (01) සහ වැලි කියුබ් හතරක් (04) නාවික හමුදා භාරයට ගන්නා ලදි.

මෙලෙස නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 25 සහ 37 වන වියෙහි පසුවන වරකාපොල සහ දෙහිවත්ත යන ප්‍රදේශ වල පදිංචිකරුවන් බවට අනාවරණය කරගන්නා ලද අතර, එම සැකකරුවන් දෙදෙනා, ටිපර් රථය, ට්‍රේලරයක් සහිත ට්‍රැක්ටර් රථය සහ වැලි කියුබ් හතර වැඩිදුර විමර්ශන සඳහා මූතූර් පොලිසිය වෙත භාර දෙන ලදි.