සීදූව, අම්බලන්මුල්ල ප්‍රදේශයේ ඇති වූ හදිසි ගින්නක් නිවා දැමීමට නාවික හමුදා සහාය

සීදූව, අම්බලන්මුල්ල ප්‍රදේශයේ පිහිටි සීදූව නගර සභාව විසින් බැහැර කරන කසල අංගනයේ හදිසියේ හටගත් ගින්නක් මැඩපැවැත්වීම සඳහා 2020 පෙබරවාරි 20 වන දින නාවික හමුදාව සිය දායකත්වය ලබා දෙන ලදී.

ඒ අනුව, සීදූව, අම්බලන්මුල්ල ප්‍රදේශයේ පිහිටි සීදූව නගර සභාව විසින් බැහැර කරන කසල අංගනයේ හදිසි ගින්නක් හට ගෙන ඇති බව නාවික හමුදාව වෙත ලැබුණු දැනුම්දීමකට අනුව බටහිර නාවික විධානයට අයත් ගිනි නිවීමේ කණ්ඩායමක් එම ස්ථානය වෙත කඩිනමින් යැවීමට කටයුතු කරන ලදි. ඒ සඳහා ගිනි නිවීමේ රථ සහ වතුර බවුසර් ඇතුළුව නාවික පුද්ගලයින් පිරිසක් අනුයුක්ත කරන ලද අතර, කොළඹ නාගරික ගිනි නිවීමේ ඒකකය, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, ගුවන් හමුදාව හා එක්ව නාවික හමුදා ගිනි නිවිමේ ඒකකය ගින්න නිවා දැමීම‍ට කටයුතු කරන ලදී. /p>

රට තුල ඇතිවන ඕනෑම හදිසි තත්වයකදී පෙරමුණ ගෙන කටයුතු කරන ලබන ශ්‍රී ලංකා නාවික හමුදාව, ඕනෑම ව්‍යසනයකදී මහජනතාවට සහන සැලසීමට නිරන්තර සුදානමින් සිටි.