වැදගත් සිදුවීම්

මුහුදු කූඩැල්ලන් 2,450 ක් සමග සැකකරුවන් හත් දෙනෙකු (07) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් අද (2020 පෙබරවාරි 21) යාපනය, අල්ලයිප්පිඩ්ඩි ප්‍රදේශයට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් හත් දෙනෙකු (07) නාවික හමුදා භාරයට ගෙන ඇත.

21 Feb 2020

ශ්‍රී ලංකා චීන තානාපති කාර්යයාලයේ නව ආරක්‍ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් වන් ඩොන්ග් නැගෙනහිර නාවික විධානයේ සංචාරයක

ශ්‍රී ලංකා චීන තානාපති කාර්යයාලයේ නව ආරක්‍ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් වන් ඩොන්ග් අද (2020 පෙබරවාරි 21) නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත වන ලදී.

21 Feb 2020

කුරුණෑගල, ආරක්‍ෂක විද්‍යා‍ලයේ පැවති ක්‍රීඩා උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදාධිපති සහභාගී වෙයි

කුරුණෑගල, ආරක්‍ෂක විද්‍යා‍ලයේ 2020 පෙබරවාරි 20 වන දින පැවති ක්‍රීඩා උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වා සහභාගී විය. එහිදී විදුහල්පතිතුමන්, ගුරු මණ්ඩලය හා දරුදැරියන් විසින් නාවික හමුදාධිපතිතුමන් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් පසු පාසල් තූර්ය වාදක කණ්ඩායම මගින් ප්‍රධාන වේදිකාව වෙත කැඳවාගෙන යන ලදි.

21 Feb 2020

සීදූව, අම්බලන්මුල්ල ප්‍රදේශයේ ඇති වූ හදිසි ගින්නක් නිවා දැමීමට නාවික හමුදා සහාය

සීදූව, අම්බලන්මුල්ල ප්‍රදේශයේ පිහිටි සීදූව නගර සභාව විසින් බැහැර කරන කසල අංගනයේ හදිසියේ හටගත් ගින්නක් මැඩපැවැත්වීම සඳහා 2020 පෙබරවාරි 20 වන දින නාවික හමුදාව සිය දායකත්වය ලබා දෙන ලදී.

21 Feb 2020

බලපත්‍ර නොමැතිව වැලි පටවමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට

බලපත්‍ර නොමැතිව වැලි පටවමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් (02) 2020 පෙබරවාරි 20 වන දින නාවික හමුදාව විසින් සිය භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

21 Feb 2020

ජපාන නාවික හමුදාවට අයත් ‘තකනාමි’ (TAKANAMI) නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි

ජපාන නාවික හමුදාවට අයත් ‘තකනාමි’(TAKANAMI) නෞකාව අද (2020 පෙබරවාරි 21) කොළඹ වරායට ‍සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.

21 Feb 2020