අන්තර් පාසල් මුහුදු පිහිනුම් තරගාවලිය සඳහා නාවික හමුදාවේ සහය

ගාල්ල මාදම්ප මධ්‍ය මහා විද්‍යාලයේ 70 වැනි සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කරන ලද අන්තර් පාසල් මුහුදු පිහිනුම් තරගාවලිය සදහා ශ්‍රී ලංකා නාවික හමුදාව 2020 පෙබරවාරි 21 වන දින සිය දායකත්වය ලබා දෙන ලදි.

අම්බලන්ගොඩ වෙරළ තීරයේ පැවති මෙම තරගාවලිය සදහා දිවයිනේ පාසල් රැසක් නියෝජනය කරමින් සිසු සිසුවියන් 300 ක් පමණ සහභාගි වූ අතර, තරඟය සැතපුම් දෙකක (Two Mile) දුරකින් යුක්ත විය. සිසුන්ගේ ආරක්ෂාව සදහා ගාල්ල මාදම්ප විද්‍යාලයේ විදුහල්පතිතුමන්ගේ ඉල්ලීමකට අනුව දකුණු නාවික විධාන ආඥාපති රියර් අද්මිරාල් කස්සප පෝල්ගේ උපදෙස් පරිදි නාවික හමුදා ජීවිත ආරක්ෂක නාවිකයින්(4RU) හා මුදවාගැනීමේ යාත්‍රා දෙකක්, මෙන්ම වෛද්‍ය සහයක නාවිකයින්ද යෙදවීමට කටයුතු කරන ලදි.

තවද, මෙවැනි සමාජ සත්කාර සහ ඕනෑම හදිසි අවස්ථාවන්හිදී සිවිල් ජනතාගේ ආරක්ෂාව වෙනුවෙන් නාවික හමුදාව නිරන්තරයෙන් කැපවී කටයුතු කරනු ලබයි.