නාවික හමුදා සහ පොලිස් ඒකාබද්ධ ‍මෙයෙහුම් මගින් හෙරෝයින් සමඟ පුද්ගලයන් දෙදෙනෙක් (02) අත් අඩංගුවට,

නාවික හමුදාව ‍සහ මන්නාරම, මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය එක්ව තලෙයිමන්නාරම නගර සීමාව කේන්ද්‍ර කර ගනිමින් අද (2020 පෙබරවාරි 22) ක්‍රියාත්මක කල ඒකාබද්ධ මෙහෙයුම් මගින් හෙරෝයින් සමඟ පුද්ගලයින් දෙදෙනෙක් (02) අත් අඩංගුවට ගෙන ඇත.

මත්ද්‍රව්‍ය මැඩලීමේ ජාතික කර්තව්‍යයට උරදෙමින් සිටින ශ්‍රී ලංකා නාවික හමුදාව මෙරටට රැගෙන ඒමට උත්සහ කළ මත්ද්‍රව්‍ය මෙන්ම රට අභ්‍යන්තරය තුළ හුවමාරු වන මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් රැසක් ක්‍රියාත්මක කර ඇත. එමෙන්ම එවැනි තවත් මෙහෙයුමක් උතුරු මැද නාවික විධානයේ නාවිකයින් පිරිසක් සහ මන්නාරම, මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය එක්ව තලෙයිමන්නාරම, නගර සීමාවේ ක්‍රියාත්මක කරමින් සිටින අතරතුරදී අවස්ථා දෙකකදී යතුරු පැදි දෙකකින් (02) ගමන් කරමින් සිටි සැක කටයුතු පුද්ගලයින් දෙදෙනෙක් නිරීක්‍ෂණය කර ඇත. එහිදී එම සැකකරුවන් වැඩිදුරටත් පරීක්‍ෂා කිරීමේදී එක් සැකකරුවෙකු ලග හෙ‍රෝයින් ග්‍රෑම් 3 මිලිග්‍රෑම් 100 ක් ද අනෙක් සැකකරු ලග හෙරෝයින් ග්‍රෑම් 3 මිලිග්‍රෑම් 75 ක් ද තිබූ අතර, එම හෙරෝයින් සූක්‍ෂම ලෙස සගවා අලෙවි කිරීම සඳහා රැගෙන යමින් සිටියදී සොයා ගන්නා ලදි. එහිදී එම සැකකරුවන්, යතුරු පැදි දෙක‍ සහ හෙරෝයින් ප්‍රමාණය ද අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.

එසේම, මෙම සැකකරුවන් වයස අවුරුදු 22 ක් සහ 43 ක් වන පේසාල සහ තලෙයිමන්නාරම ප්‍රදේශවල පදිංචිකරුවන් බව අනාවරණය කරගත් අතර, අත් අඩංගුවට ගත් එම සැකකරුවන් දෙදෙනා (02), යතුරුපැදි දෙක (02) සහ හෙරෝයින් ප්‍රමාණය ඉදිරි විමර්ශන කටයුතු සඳහා පේසාලේ පොලිසිය වෙත භාරදීමට කටයුතු කල අතර, ඉදිරියේදී ද මෙවැනි මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට නාවික හමුදාව නිරන්තරයෙන් කටයුතු කරනු ලබයි.