හෙරෝයින් ලග තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් (02) අත් අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලිසිය එක්ව අද (2020 ජනවාරි 22) කල්මුනේ, පලමුනෙයි ප්‍රදේශයේ සිදු කරන ලද මෙහෙයුමකදී හෙරොයින් ග්‍රෑම් 5 මිලිග්‍රෑම් 750 (පැකට් 03) අත්අඩංගුවට ගන්නා ලදි.

මත්ද්‍රව්‍ය ව්‍යසනය මෙරටින් තුරන් කිරීමේ අරමුණින් යුතුව කටයුතු කරනු ලබන ශ්‍රී ලංකා නාවික හමුදාව, නීති විරෝධී මත්‍ද්‍රව්‍ය වැටලීම් සිදු කරමින් ජාවාරම්කරුවන් විශාල පිරිසක් නීතියේ රැහැනට හසුකර දීමට ක්‍රියා කර ඇත. ඒ අනුව, ගිණිකොණ නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක් අම්පාර, පොලිස් විශේෂ කාර්ය බලකාය සමග එක්ව කල්මුනේ, පලමුනෙයි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරිමකදී සැක කටයුතු කුඩා ලොරි රථයක් (Dimo Batta) නිරීක්‍ෂණය කර ඇත. එහිදී එම රථය වැඩිදුර පරීක්‍ෂාවට ලක් කිරීමේදී සූක්‍ෂම ලෙස සඟවා තිබූ හෙරෝයින් ග්‍රෑම් 5 මිලිග්‍රෑම් 750 (පැකට් 03) ක් සොයා ගන්නා ලදි. එහිදී එම ලොරි රථය සහ හෙරෝයින් සමග සැකකරුවන් දෙදෙනෙක් (02) අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.

අත් අඩංගුවට ගන්නා ලද සැකකරුවන් වයස අවුරුදු 26 සහ 30 වන වියෙහි පසුවන සමන්තුරය සහ පලමුනෙයි යන ප්‍රදේශය වල පදිංචිකරුවන් බවට තහවුරු කරගන්නා ලද අතර, එම සැක කරුවන්, කුඩා ලොරි රථය (Dimo Batta) සහ හෙරොයින් ප්‍රමාණය ඉදිරි විමර්ශන කටයුතු සඳහා අක්කරෙයිපත්තුව, පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.