හෙරෝයින් ජාවාරම්කරුවන් තිදෙනෙක් (03) නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිසිය එක්ව පුත්තලම, අලංකුඩා ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී 2020 පෙබරවාරි 22 වන දින හෙරෝයින් ග්‍රෑම් 1 මිලිග්‍රෑම් 110 (කොටස් 15) අත්අඩංගුවට ගන්නා ලදි.

ඒ අනුව, වයඹ නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක් සහ කල්පිටිය, පොලිසිය එක්ව පුත්තලම, අලංකුඩා ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි කිරිමකදී සැක කටයුතු නිවසක් නිරීක්‍ෂණය කර ඇත. ඒ අනුව එම නිවස වැඩිදුර පරීක්‍ෂාවට ලක් කිරීමේදී අලෙවි කිරීම සඳහා සූදානම් කරමින් සිටි හෙරෝයින් ග්‍රෑම් 1 මිලිග්‍රෑම් 110 (කොටස් 15) ක් සමග සැකකරුවන් තිදෙනෙකු (03) අත් අඩංගුවට ගන්නා ලදි. මෙම සැකකරුවන් ප්‍රදේශයේ මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බවට අනාවරණය කරගත් අතර, ඔවුන් වයස අවුරුදු 20 ,29 සහ 34 යන වයස් වල පසුවන එම ප්‍රදේශයේම පදිංචිකරුවන් බව විඩිදුරටත් තහවුරු කරගන්නා ලදි

අත් අඩංගුවට ගන්නා ලද සැකකරුවන් සහ හෙරෝයින් ප්‍රමාණය ඉදිරි විමර්ශන කටයුතු කල්පිටිය, පොලිසිය විසින් සිදු කරනු ලබයි.