නාවික හමුදාව මඩකලපුව එරාවූර් කළපු ප්‍රදේශයෙන් තහනම් දැල් 07 ක් සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2020 පෙබරවාරි 22 වන දින මඩකලපුව, එරාවූර් කළපු ප්‍රදේශයෙදී තහනම් දැල් හතක් (07) නාවික හමුදා බාරයට ගන්නා ලදි.

ශ්‍රී ලංකාව වටා වූ සාගර කලාපයේ මත්ස්‍ය සම්පත සහ සාගර සම්පත සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තරයෙන් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව, නැගෙනහිර නාවික විධානයට අයත් නාවික පිරිසක් විසින් මඩකලපුව, එරාවූර් කළපු ප්‍රදේශයේ සිදු කළ ඩිංගි යාත්‍රා මුර සංචාරයකදී නිතිවිරෝධි ලෙස මසුන් ඇල්ලීමට එලා තිබූ තහනම් දැල් හතක් (07) නාවික හමුදා බාරයට ගැනීමට කටයුතු කරන ලදි.

ඒ අනුව, අදාල තහනම් දැල් ඉදිරි විමර්ශන කටයුතු සඳහා මඩකළපුව, සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිතයි.