වැදගත් සිදුවීම්

සැම්බියානු යුද්ධ හමුදාධිපති නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත වෙයි

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීම සඳහා පැමිණි සැම්බියානු යුද්ධ හමුදාධිපති, ලුතිනන් ජෙනරාල් ඩබ්එම් සිකාස්වේ අද (2020 පෙබරවාරි 23) නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත වන ලදී.

23 Feb 2020

බලපත්‍ර නොමැතිව වැලි පටවමින් සිටි පුද්ගලයින් පිරිසක් නාවික හමුදා භාරයට

බලපත්‍ර නොමැතිව වැලි පටවමින් සිටි පුද්ගලයින් නව දෙනෙක් (09) 2020 පෙබරවාරි 22 වන දින නාවික හමුදාව විසින් සිය භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

23 Feb 2020

ජපාන නාවික හමුදා’තකනාමි’ (TAKANAMI) නෞකාව දිවයිනෙන් පිටත්ව යයි.

2020 පෙබරවාරි මස 21 වන දින දිවයිනට පැමිණි ජපාන නාවික හමුදාවට අයත් ‘තකනාමි’ (TAKANAMI) නෞකාව අද (2020 පෙබරවාරි 23) දිවයිනෙන් පිටත්ව යන ලදී.

23 Feb 2020

පුපුරණ ද්‍රව්‍ය යොදා ඇල්ලූ මසුන් කිලෝග්‍රෑම් 250 ක් නාවික හමුදා බාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 පෙබරවාරි 22 වන දින නච්චිකුඩා ප්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය යොදා ඇල්ලූ මසුන් තොගයක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙකු (04) නාවික හමුදා භාරයට ගෙන ඇත.

23 Feb 2020

නාවික හමුදාව මඩකලපුව එරාවූර් කළපු ප්‍රදේශයෙන් තහනම් දැල් 07 ක් සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2020 පෙබරවාරි 22 වන දින මඩකලපුව, එරාවූර් කළපු ප්‍රදේශයෙදී තහනම් දැල් හතක් (07) නාවික හමුදා බාරයට ගන්නා ලදි.

23 Feb 2020

නාවික හමුදා සහයෙන් කේරළ ගංජා සමඟ පුද්ගලයින් දෙදෙනෙක් (02) අත්අඩංගුවට

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 පෙබරවාරි 22 වන දින සිලාවතුර, පොත්කේනි ප්‍රදේශයේදී සිදු කළ මෙහෙයුමක් අතරතුර කේරළ ගංජා ග්‍රෑම් 120 ක ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙක් (02) අත්අඩංගුවට ගන්නා ලදි.

23 Feb 2020

හෙරෝයින් ජාවාරම්කරුවන් තිදෙනෙක් (03) නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිසිය එක්ව පුත්තලම, අලංකුඩා ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී 2020 පෙබරවාරි 22 වන දින හෙරෝයින් ග්‍රෑම් 1 මිලිග්‍රෑම් 110 (කොටස් 15) අත්අඩංගුවට ගන්නා ලදි.

23 Feb 2020