වැදගත් සිදුවීම්

සැම්බියානු යුද්ධ හමුදාධිපති නාවික හමුදා යාත්‍රා තැනිමේ අංගනයේ සංචාරයක නිරත වෙයි

සැම්බියානු යුද්ධ හමුදාධිපති, ලුතිනන් ජෙනරාල් ඩබ්එම් සිකාස්වේ අද (2020 පෙබරවාරි 25) වැලිසර පිහිටි ශ්‍රී ලංකා නාවික හමුදා යාත්‍රා තැනීමේ අංගනයේ සංචාරයක නිරත වන ලදී.

25 Feb 2020

මුහුදු කූඩැල්ලන් තොගයක් සමග සැකකරුවන් හතර දෙනෙක් (04) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් අද (2020 පෙබරවාරි 25) මන්නාරම, වංකාලේ වෙරළ තීරයේදී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලන ලද පුද්ගලයින් හතර දෙනෙකු (04) නාවික හමුදා භාරයට ගෙන ඇත.

25 Feb 2020

බලපත්‍ර රහිතව හක් බෙල්ලන් ළඟ තබා ගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 පෙබරවාරි 24 සහ 25 දෙ‍දින තුළ මන්නාරම, තාරපුරම් සහ තලෙයිමන්නාරම, ඌරුමලෙයි යන ප්‍රදේශයන්හි සිදු කළ සෝදිසි මෙහෙයුම් දෙකකදි නීති විරෝධි ලෙස හක් බෙල්ලන් ලඟ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙක් (02) අත්අඩංගුවට ගන්නා ලදි.

25 Feb 2020

ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු මධ්‍යස්ථානයක් සඳහා මුල්ගල තබයි.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් පරිදි පානම ශ්‍රී බෝධිරුක්ඛාරාම මහා විහාරයේ ඉදි කිරීමට නියමිත ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය සඳහා මුල්ගල් තැබීම ගිණිකොන නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් සෙනරත් විජේසූරිය විසින් 2020 පෙබරවාරි 24 වන දින සිදු කරන ලදී.

25 Feb 2020

‘Commander’s cup 2020’ වාර්ෂික ගොල්ෆ් තරගාවලියේ නාවික හමුදා ක්‍රීඩකයින් විශිෂ්ඨ දක්ෂතා දක්වයි.

2020 පෙබරවාරි 22 වන දින ත්‍රිකුණාමලය, චීන වරාය ශ්‍රී ලංකා ගුවන් හමුදා ඊගල්ස් ගොල්ෆ් ක්‍රිඩා පිටියේ දී පැවති ‘Commander’s cup 2020’ වාර්ෂික ගොල්ෆ් තරගාවලියේදී නාවික හමුදාව නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩකයින් විශිෂ්ඨ දක්ෂතා දක්වන ලදි.

25 Feb 2020

නාවික හමුදාධිපති උතුරු නාවික විධානයේ සංචාරයක

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා 2020 පෙබරවාරි 22 වන දින සිට 24 වන දින දක්වා උතුරු නාවික විධානයේ නිරීක්‍ෂණ සංචාරයක නිරත විය.

25 Feb 2020