සැම්බියානු යුද්ධ හමුදාධිපති නාවික හමුදා යාත්‍රා තැනිමේ අංගනයේ සංචාරයක නිරත වෙයි

සැම්බියානු යුද්ධ හමුදාධිපති, ලුතිනන් ජෙනරාල් ඩබ්එම් සිකාස්වේ අද (2020 පෙබරවාරි 25) වැලිසර පිහිටි ශ්‍රී ලංකා නාවික හමුදා යාත්‍රා තැනීමේ අංගනයේ සංචාරයක නිරත වන ලදී.

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින සැම්බියානු යුද්ධ හමුදාධිපති, ලුතිනන් ජෙනරාල් ඩබ්එම් සිකාස්වේ ඇතුළු නිලධාරීන් පිරිස මෙලෙස වැලිසර පිහිටි ශ්‍රී ලංකා නාවික හමුදා යාත්‍රා තැනීමේ අංගනයේ සංචාරයක නිරත වූ අතර, අධ්‍යක්‍ෂ සමුද්‍රීය ඉංජිනේරු කොමදෝරු කපිල සිල්වා සහ වැලිසර නාවික සංකීර්ණයේ අණභාර නිලධාරී කපිතාන් පූජිත සුගතදාස විසින් උණුසුම් ලෙස පිළිගන්නා ලදි. එසේම යාත්‍රා අංගනය තුල නිශ්පාදනය කරනු ලබන යාත්‍රාවන් සම්බන්ධයෙන් සැම්බියානු යුද්ධ හමුදාධිපතිගේ විශේෂ අවධානය යොමු වූ අතර, යාත්‍රා අංගනයේ කළමණාකරු කොමාණ්ඩර් දිනුක් බෝගහවත්ත විසින් යාත්‍රා අංගනය සහ එහි නිශ්පාදන කටයුතු සම්බන්ධයෙන් සැම්බියානු යුධ හමුදාපති ඇතුළු නියෝජිතයින් දැනුවත් කිරීම කරන ලදි. මෙම අවස්ථාව සඳහා කොමදෝරු අධිකාරී තඨාකංගණය (බටහිර) කොමදෝරු දිල්රුක් පතිරණ ද සහභාගී විය.